තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු ඔන්ලයින් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ගුරු වෘත්තීය සමිති පවසති.ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය අමතමින් ඒ බව පැවසීය.
“පැහැදිලිවම අපි දැනට ක්‍රියාත්මක කරන ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ඉස්සරහට යනවා. ඒ වගේම සෙසු ක්‍රියාමාර්ගත් ඉස්සරහට යනවා.”රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මීට මාස කිහිපයකට පෙර පාසල් වසාදැමුණු අතර ඊට පිලියමක් ලෙස ගුරුවරු විසින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකළේය.අනතුරුව වැටුප් සහ වෙනත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වර්ජනයක් ඇරඹුණු අතර මීට දින 51කට පෙර ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින්ද ඉවත්විණි.
පසුව රජය විසින් ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය අනු කමිටුවක් පත්කළේය.එහි සාමාජිකයින් වූයේ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම සහ මහින්ද අමරවීර ය.
එම කැබිනට් යෝජනාව සම්බන්ධයෙන් ස්ටාලින් මහතා පැවසුවේ
“කැබිනට් මණ්ඩලය ඊයේ සම්මත කරගෙන තියෙන්නේ ගුරුවරුන්ට ලබන මාසේ සිට රුපියල් 5,000 දීමනාවක් දීමත් 2018 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත් කළ යෝජනාව කොටස් වශයෙන් අයවැය යෝජනාවක් යටතේ ලබාදීමත්. අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා අනුකමිටුව ඉදිරිපත් කරන මේ වැටුප් යෝජනාව සම්පූර්ණ මුදලක් ලෙස ලබාදෙන්නත් ඒක සුබෝධනී වාර්තාවේ කොටසක් හැටියට ලබාදෙන්නත් කියලා. අපි ඉදිරිපත් කරපු මේ යෝජනාව සම්පූර්ණයෙන් නොසලකා හැරලා තියෙන්නේ. මේකෙන් හම්බවෙන්නේ රුපියල් 5,000 සිට 11,000 දක්වා වැටුප් වැඩිවීමක්. මේක කොටස් කරලා මොකක්ද ගන්න තියෙන්නේ ගුරුවරුන්ට.”