බැසිල් රටින් පනිද්දී කොටුවේ

බැසිල් රාජපක්ෂගේ මහතා අද උදෑසන 12.15 පමණ කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පැමිණ තිබුනා ඒ ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි හරහා වොෂින්ටන් බලා පිටත්ව යාමටයි. ඔහු සමඟ රජයේ ආයතන වල සභාපති ලෙස ධූර දැරූ කිහිපදෙනෙක් සිටි බවට වාර්තා වෙනවා.බැසිල් මහතා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වු පර්යන්තයෙන් ඇතුළු වී සිට ඇති අතර ඔහුගේ සහායකයන් විසින් ගුවන් යානයට ඇතුළු වීමට ලිපි භාර දෙන අවස්ථාවේ දී එහි සිටි ගුවන් මගියෙකු දැඩි විරෝධය පලකරමින් කියා සිටියේ බැසිල් ඇතුළු පිරිස ගුවන් යානයට ඇතුලත් නොකරන ලෙසයි.

පසුව ගුවන් තොටුපලේ නිලධාරීන් විසින් මොවුන් ආරක්ෂිත ස්ථානයක රඳවා තබා පසුව උදෑසන 2.15 පමණ මොවුන් ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇත.

News Editor