මාතෘ භූමිය රැක ගන්න, ඊට නායකත්වය දෙන්න සූදානම්! – සජිත්

මාතෘ භූමිය රැක ගැනීම සඳහා ඊට නායකත්වය ලබා දීමට විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටිනවා.

ඔහු ඒ බව කියා සිටියේ අද (11) දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

තව ද ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම මේ වන විට අවසන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියා.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “ඔවුන් එකතු වෙලා මේ ලස්සන මාතෘ භූමිය විනාශ කරලා අවසන්. විපක්ෂයේ අපි සුදානම් රට ස්ථාවර කිරීමෙන්, රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබාදීමට. අපි ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුමක් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ සිටින කවුරු හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා නම්, ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න. මාතෘ භූමියට නායකත්ව ලබාදෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මව්බිමට ජයවේවා.” යනුවෙන්.

News Editor

Next Post

රටේ පාලනය ලබා දුන්නොත් භාර ගන්න සූදානම් - අනුර කුමාර

Mon Jul 11 , 2022
රටේ පාලනය ලබා දුන්නොත් භාර ගන්න සූදානම් – අනුර කුමාර අප කිසිවක් බියගුලු කමෙන් දාලා යන අය නෙමෙයි , මේ වගකීම බාර ගනන් සුදුසු මිනිස්සු අප පාර්ලිමෙන්තුව නියොජන කරන්නේ 3 දෙනයි , ජනපති වරයාගේ අගමැතිවරයාගෙ පනත් පාර්ලිමේන්තුව තුල තිබේ නම් . එය ඔනැම වෙලාවක ඔන කෙනෙක් බලයට පත්වීමේ අවස්තාව තිබේ […]