ලස්සන පොඩි කෙල්ලෙක් කසාද බැන්ද වයසක හැන්ඩි කොල්ලා ඇයත් සමග ගෙවන සැප ජිවිතේ

මේකේ මාතෘකාවෙම පොඩි අවුල් වගේ ඔයාලට දැනෙන්න ඇති. මොකද මේකේ තියෙනවා වයසක තරුණයා කියල එකක්.එක එච්චර ගණන් ගන්න එපා.මොකද එහෙම දැම්මේ වයස තියෙන අය තරුණ වැඩ කළාම එහෙම කියන්න වෙන නිසා. හරි.. මේ ගැන ඔයාල මීට කලින් දන්නවා ඇති.

සමහර අය දන්නවා ඇති දැකලා ඇති,තවත් සමහර අය මේ ගැන දන්නෙවත් නැතුව ඇති. මේ මාතෘකාව මීට මාස කිහිපයකට කලින් අපේ රටේ ගොඩක් ජනප්‍රිය වුන සිද්දියක්. මේ විවාහ ගිවිස ගැනීම ලංකාවේ නොවුනත් මේ ගැන ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වුණා.මේ විවාහයේ විශේෂත්වයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් වයස් සීමාවන්.ඉතින් කොහොම හරි ඔවුන් දෙදෙනා විවාහ වෙලා දැන් ඉතාමත් සුන්දරව ජිවිතේ ගෙවනවා.

මෙහෙම මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින් විවාහ ගිවිසගෙන තියෙන්නේ ටොම් ඉමම් කියල සාමාන්‍යයෙන් වයසෙන් වැඩි පුද්ගලයෙක් සහ ඉතාමත් සුන්දර තරුණියක් වෙන ස්මිති ඩෝල්. මේ කපල් එක දැක්කොත් ඇත්තටම ඕනෙම කෙනෙක්ට හිතන්නේ තාත්ත කෙනෙක් සහ දුවෙක් කියලයි.ආදරේට වයස බාදාවක් නෑ කියල හැමෝම කටින් කියනවා නමුත් ඒවා ඔප්පු කරන්නේ නැහැනේ.මෙන්න මේ දෙන්න නම් ඒක ඔප්පු කරලා තියෙනවා.

ඉතින් මේ ආදර සම්බන්දතාවයට නම් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල බොහෝ විවේචන එල්ල වෙලා තිබ්බා.බොහෝ අය කියලා තිබ්බා සල්ලි පස්සේ ගියපු තරුණියක් කියලා.ඉතින් කොහොම හරි මේ දෙන්න ගැන විස්තර හොයලා බලද්දී දැනගන්න ලැබුනේ මේ වගේ දෙයක්.

මේ දෙන්න බංගලාදේශ කියන රටේ දෙදෙනෙක්.මේ වයසින් වැඩි ටොම් ඉමම් කියන පුද්ගලයා මීට පෙරත් විවාහයන් දෙකක් සිදුකරගත්ත කෙනෙක්. දැන් මේ සුරූපී කෙල්ල එක්ක විවාහ වෙලා ඉන්නේ තුන්වෙනි වතාවට.හොඳම කතාව තමයි මේ පිරිමි පුද්ගලයාට කලින් විවාහ වල සිටින ළමයින් මෙවර තුන්වෙනි වතාවටත් විවාහ වුන තරුනියටත් වඩා වැඩි වයසයි කියල තමයි දැනගන්න ලැබෙන්නේ. කොහොම හරි ඉතින් ඔවුන් දෙදෙනා ඉතාමත් ආදරෙන් ජිවත් වෙනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

News Editor

Next Post

කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද සිට ඇරඹේ

Mon Aug 9 , 2021
සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරේ.සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙතෙක් නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බවය.වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ […]