වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයෙන් දින 14ක් ඉල්ලයි

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අද (31) දිනයේ අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය නොහැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පැවසීය.ඒ බව අද දිනයේදී අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිපියක් මගින් දැනුම්දුන් බවද ඔහු පැවසීය. 

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා සහභාගී වී තිබූ වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මතුවී ඇති කරුණක් පිළිබඳ මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

කොවිඩ් ආසාදනය වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ වනවිට කොවිඩ් ආසාදනය වී සුවවීමෙන් පසුව ඇතිවන යම් යම් සංකූලතා හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත විවේක ගනිමින් සිටින බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම්දුන් බවත් ඒ  අනුව එම ප්‍රකාශය ලබාදීමට දින 14ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා සඳහන් කළේය.

News Editor

Next Post

ඔන්ලයින් වර්ජනය දිගටම - ජෝසෆ් ස්ටාලින් පවසයි

Tue Aug 31 , 2021
තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු ඔන්ලයින් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ගුරු වෘත්තීය සමිති පවසති.ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය අමතමින් ඒ බව පැවසීය. “පැහැදිලිවම අපි දැනට ක්‍රියාත්මක කරන ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ඉස්සරහට යනවා. ඒ වගේම සෙසු ක්‍රියාමාර්ගත් ඉස්සරහට යනවා.”රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මීට මාස […]