ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක ඇති බව අවධාරනය කරයි

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්ධන ආනයනය නැවතීමට ඉඩ ඇති බවට බලශක්ති ඇමතිවරයා අනතුරු අඟවා ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.ඉන්ධන සැපයුම අඩාල වුවහොත් රටේ ජනතාව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද ඔහු පැවසීය.

දැනටමත් මෙරට ගෑස් ආනයන සමාගමක් ගෑස් ආනයනය නවතා ඇති බවත් ඉන් අසරණ වූ පාරිභෝගිකයන්ට තවමත් විසඳුම් ලැබී නැති බවත් ඔහු කියා සිටී.කිරිපිටි ආනයනය අත්හිටුවීමට ද සමාගම් තීරණය කර ඇති ඇති නිසා වෙළඳපල තුල කිරිපිටි හිගයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.කොරෝනා වසංගතයක් සමඟ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයිද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

News Editor

Next Post

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයෙන් දින 14ක් ඉල්ලයි

Tue Aug 31 , 2021
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අද (31) දිනයේ අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය නොහැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පැවසීය.ඒ බව අද දිනයේදී අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිපියක් මගින් දැනුම්දුන් බවද ඔහු පැවසීය.  වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා සහභාගී වී තිබූ […]