පසුගිය එංගලන්ත සංචාරයේදී පිට පිට තුන් වරක් එකම ආකාරයෙන් දැවී යාම තමාගේ ව රදක් බවත් ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික ක්‍රකට් රසිකයන් පලකල අදහස් සත්‍ය වන බවත් වනිදු හසරංග පවසනවා.
එසේ ක්‍රිකට් ප්‍රේක්ශකයන් පලකල අදහස් තමා පිළිගන්නා බවත් එම ව රද නිවැරදි කරගැනීමට කෙසේ හෝ කටයුතු කරන බවද ඔහු පවසනවා. වනිදු මෙම අදහස් පලකලේ ලසිත් මාලිංග සමග අන්තර්ජාලය ඔස්සේ පැවති සංවාදයකට සහභාගී වෙමින්.
කෙසේ වෙතත් තමාගේ වැරදි පෙන්වා දුන් විට ප්‍රේක්ෂකයන් ක්‍රිකට් නොදන්නා බව පැවසු ඔලුව උදුම්මවාගත් සමහර ක්‍රීඩකයන් හා බලන කල වනිදු හසරංග ඉතා නිහතමානීව තම වරද පිලිගෙන එය නිවැරදි කරගැනීමට කටයුතු කිරීම ඔහුගේ ක්‍රිකට් ගමනට ඉතා ආශිර්වාදයක් වනු ඇත.